පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට රුපියල් කෝටි හතක්

Image copyright Sri Lankan Police

නීති උල්ලංඝනය කරමින් දේශපාලනඥයින් ප්‍රදර්ශනය කරන කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට ජනතාවගේ මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව පොලිසිය පවසයි.

මෙම කර්තව්‍යය සඳහා කම්කරුවන් එක්දහස් නවසීයක් බඳවා ගෙන ඇති බවද පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසීයට පැවසීය.

මැතිවරණ නීති කඩ කරන අවස්ථා වීඩියෝ ගත කර පොලිසියට ලබා දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

පෙළපාලි

නාම යෝජනා ලබා දුන් දිනයේ දී නීති විරෝධී පෙළපාලි ගිය කණ්ඩායම් පිළිබඳව විමර්ශනය කර නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවයි පොලිස් ප්‍රකාශක බීබීසීයට කියා සිටියේ.

මැතිවරණ නීති වලට අනුව අපේක්‍ෂකයෙකු ගෙන් ගෙට ගොස් ඡන්දය ඉල්ලා සිටීම ද නීති විරෝධී බව ඔහු අවධාරණය කළේය.

පොලිස් ප්‍රකාශකවරයා බීබීසීය සමඟ කළ සාකච්ඡාවේ සම්පුර්ණ හඬ පටය අමුණා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර