ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්දට සිවාජිගෙන් අභියෝගයක්

ජයග්‍රහණයක් අත්කර නොගන්නට කිසිවෙකු මැතිවරණයට තරඟ කරන්නේ ඇයි?

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ට ඊට පිළිතුරක් ඇත.

ඔහු මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරඟ වදියි.

ඒත් දිනන්නට නම් නොවයි.

Image copyright Reuters

බහුතර සිංහල ජනතාවක් වෙසෙන කුරුණෑගල වැනි දිස්ත්‍රික්කයකින් තරඟ වැද ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි බව හොඳාකාරව දන්නා ඔහු මෙසේ තරඟ කිරීමට තීරණය කළේ ඇයි.

ඔහු පවසන්නේ එසේ කරන්නේ ප්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විරෝධය පල කිරීම සඳහා බවයි.

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල අසමත්ව සිටින බව පවසන ඔහු මැතිවරණය ඒ බව කියා පෑම සඳහා හොඳ වේදිකාවක් බවයි කියා සිටින්නේ.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික්කය වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කරන බවයි ඔහු පැවසුවේ.

Image copyright AFP