'අයියෝ සිරිසේන කියූ අය සමඟ ජනපති එකතු වෙලා'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පසුගිය ජනාධිපතිවරණයේදී 'අයියෝ සිරිසේන' කියමින් තමන්ට අපහාස කළ පුද්ගලයන් සමඟම එක්ව මැතිවරණ සටනක යෙදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට සිදු වී ඇති බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

සිය ප්‍රතිවාදීන් සමඟ එක්ව ජනපතිවරයා සිය ගමන ඉදිරියට යන්නේ කෙසේ දැයි යන්න ගැටලුවක් බවයි, සෝභිත හිමියන් බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා හඳුන්වා දුන් ව්‍යවස්ථා සංශෝධනවල ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මැතිවරණවලදී මෙන් නොව මෙවර මහ මැතිවරණයේදී ප්‍රචණ්ඩකාරීත්වය සහ මැතිවරණ නීති උල්ලංඝනය වීම් අඩු වී ඇති බවත් එහිමියෝ පෙන්වා දෙති.

"එපමණක් නොවෙයි මැතිවරණ කොමසාරිස්වරයා වෙනදට වඩා අභිමානවත්ව ඒ කටයුත්ත කරන බවකුත් අපට පේනවා." සෝභිත හිමියෝ පැවසූහ.

Image caption මාර්තු 12 ලියවිල්ලට අත්සන් තැබුණු මොහොත

'ජවිපෙන් ආදර්ශයක්'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු සියලු ප්‍රධාන පක්ෂ නායකයන් අත්සන් තැබූ මාර්තු 12 වැනි දින ප්‍රකාශනය ප්‍රකාර දේශපාලන පක්ෂ කටයුතු කරන්නේ දැයි විමසූ අවස්ථාවේ සෝභිත හිමියන් කියා සිටියේ, නායකයන් එසේ අත්සන් තැබූ නමුත් නාම යෝජනා ලබා දීමේදී එම ප්‍රතිඥාව පිළිපැදීමට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපොහොසත්ව ඇති බවයි.

"ජනතා විමුක්ති පෙරමුණ හොඳ ආදර්ශයක් මෙවර දීල තියෙනව, ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අරගෙන බැලුවම. අන්තිම ඉහල මට්ටමේ අය ඉදිරිපත් කරල තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ.

"ඒ වගේම ධූර අපේක්ෂකයොත් ඔක්කොම ඉගෙනගත්ත අය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ, තරුණ අය."

එබැවින් මෙවර මැතිවරණයේ දී පක්‍ෂ භේදයකින් තොරව උගත් බුද්ධිමත් වැදගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා තම වටිනා ඡන්දය පාවිච්චි කරන මෙන් ද උන් වහන්සේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරති.

"රෝස මලේ ගහල තියෙනවද දැන්වීමක් මේක රෝස මලකි, නියඟලා මලේ ගහල තියෙනවද මේක නියඟලා මලකි කියල? මේ රටේ ජනතාව දන්නවා කවුද හොරා, කවුද කුඩු කාරයා කියල," එහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර