ප්‍රසන්න රණතුංග සහ බිරිඳ යළි පොලිසියට කැඳවයි

Image copyright Prasanna Ranathunga

ව්‍යාපාරිකයකු හා ඇති කර ගත් ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ යළිත් කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගත් බවටයි ඔවුන්ට මේ චෝදනා එල්ල වී තිබුණේ.

මෙම රුපියල් ලක්ෂ 50 ක ඉඩම් අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහ ඇමතිවරයාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබූ අතර සිද්ධියට අදාළව ඔහුගේ බිරිඳ වන මොරින් රණතුංගගෙන් පසුගිය දෙවැනිදා ද පැය 07 කට අධික කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරන ලදී.