ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද ඇඟිල්ල බේරා ගත් හැටි!

“ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තවටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව, ඒකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද?," හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අකුරැස්සේ සිද්ධිය විස්තර කළේ එසේයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අකුරැස්සේ එක්සත් ජනතා සන්ධාන රැළියකට සහභාගි වෙමින් සිටි පුද්ගලයකු වෙත උද්වේගයෙන් ගමන් කරන ආකාරයත් ඉන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් මැදිහත් වන ආකාරයත් මාධ්‍ය මගින් පළ කළ වීඩියෝ පටයක් මගින් ප්‍රදර්ශනය කෙරිණ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අකුරැස්සේ එක්සත් ජනතා සන්ධාන රැළියකට සහභාගී වූ අවස්ථාවේ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසියට පැමිණිල්ලක් ලැබී නැති බවයි පොලීසිය පැවසුවේ.