හිටපු ඉන්දීය ජනපති කලාම් මියයයි

Image caption අබ්දුල් කලාම්

ඉන්දියාවේ හිටපු ජනාධිපති APJ අබ්දුල් කලාම් මිය ගොස් තිබේ.ඊසාන දිග ඉන්දියාවේ මෙගාලය පළාතේ ශ්ලෝන්ග් නගරයේදී ඔහු අභාප්‍රප්ත වූ බවයි පොලිස් අධිකාරී විවේක් සයාම් බී බී සි යට කියා සිටියේය.

පොලිස් අධිකාරිවරයා බී බී සී හින්දි සේවයේ අනුරන්ග් ශර්මාට පැවසුවේ “කලාම් ප්‍රසිද්ධ සභාවක කථාවක් පවත්වමින් සිටියදී ඇදගෙන වැටුනා,වහාම ඔහුව රෝහලට අරගෙන ගියා එතැනදී මියගියා” යනුවෙනි.

අබ්දුල් කලාම් 2002 සිට 2007 දක්වා කාලය තුලදී ඉන්දියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

ඉන්දීය මිසයිල වැඩසටහනේ පුරෝගාමියා සේ සැලකෙන හිටපු ජනාධිපතිවරයා මිය යන විට අසු තුන් වැනි වියේ පසු විය.

අබ්දුල් කලාම් වෘත්තියෙන් න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන අතර පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ උත්සව අවස්ථා රැසකට සහභාගිවිය