සහනාධාර වෙන්දේසියක් -ගයන්ත

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වසර විස්සක් බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ‘සහනාධාර වෙන්දේසියක්’ පටන් ගෙන ඇති බවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක චෝදනා කරයි.

නොයෙකුත් ආකර්ෂණීය පොරොන්දු ලබා දෙමින් ජනතාව නොමග යවා මෙවර ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය උත්සාහ කරන බවද බීබීසීය සමඟ සංවාදයක යෙදෙමින් ඇමතිවරයා පැවසීය.

‘අපි මහපොළ ශිෂ්‍යාධාරය රු5000 දක්වා වැඩි කළා. අවුරුදු විස්සක් බලයේ සිටි මේ අය දැන් ඒක 6000ක් කරනවලු. තරුණ තරුණියන්ට විවිධ පොරොන්දු දෙනවා. කසාද බඳින බද්ද රු500යේ තියෙද්දි ඒක 5000ක් කරපු අය තමයි දැන් පිදුරු ගහේ එල්ලෙන්න වගේ තරුණ තරුණියන්ට පොරොන්දු දීල නොමග යවන්න හදන්නේ.’ ඔහු කියා සිටියේය.

Image caption 'අනාගතයට සහතිකයක්'

'අභියෝගයක් නැහැ'

කෙසේ නමුත් එජාපය ලබා දීමට යන සහනාධාර වලට වඩා වැඩි සහනාධාර ප්‍රමාණයක් හිටපු ජනාධිපතිවරයා ජනතාවට ලබා දීමට යාම මැතිවරණයේ දී තමන්ට අභියෝගයක් නොවේදැයි බීබීසීය විමසීමක් කළේය.

‘අද එක පවුලක් වටා දේශපාලනය කරන සන්ධානයක් බවට ඒක පත්වෙලා. ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති යටපත් වෙලා විමල් වීරවංශ ගේ දර්ශනය අද එහි දර්ශනය බවට පත් වෙලා. මේ තරම් පහලට වැටුණු අවස්ථාවක මේ උදවියගෙන් කිසිම අභියෝගයක් නැහැ.’ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

18?

නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට හිටපු ජනපතිවරයා ඇතුළු සන්ධානය ලබා දී ඇති පොරොන්දුව පිළිබඳව ඇමතිවරයා දැක්වූයේ මෙවැනි අදහසක්.

‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණ ඒකාධිපති බලයක් ගොඩ නගා ගැනීමට 18 වැනි සංශෝධනය ගෙන ආවෙත් මේ උදවියමයි. ඉතින් දැන් කියන්නෙත් 18 ගේන්න හදන එකක් තමයි කියල අපට පේනවා.’ ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර