ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීම දැනුම් දී නෑ -අර්ජුන

සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ බව සඳහන් ලිපියක් තවමත් තමන්ට ලැබී නැති බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගන්නා ලද එම තීන්දුව පිළිබඳව තමන් එතරම් අවධානය පළ නොකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

"අද අපිට අවශ්‍ය පක්ෂ දේශපාලනය නොවෙයි. අපේ අරමුණ යහපාලන ආණ්ඩුවක් පිහිටුවීම," ඔහු පැවසීය.