ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට 'සිය ගණනක් යොදවලා'

ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයේදී බහුවිධ උපාය මාර්ග අනුගමනය කරමින් සිටින අතරවාරයේ, ප්‍රධාන පක්ෂ දෙක සමාජ මාධ්‍ය ජාල 'සිතාමතාම පාලනය කිරීමේ ක්‍රමවේදයක්' අනුගමනය කරන බව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය උදාන් ප්‍රනාන්දු පවසයි.

එම පක්ෂ විසින් ඒ සඳහා සිය ගණනක තරුණ පිරිසක් යොදවා සිටින බවත් ඔහු සඳහන් කළේය.

"මෙවර සියලුම පක්ෂ බලනවා කොහොමද සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කියල. ඉතින් එතකොට සමාජ මාධ්‍යවල අර දෙසැම්බර්වල තිබුණු නැවුම්, 'spontaneous' ඕපපාතික ගතිය මෙවර නෑ," ඔහු පැවසීය.

"මෙවර ඒක කෙරෙන්නේ එක පක්ෂෙකින් කෙරෙන කැම්පේන් එකට ප්‍රතිචාරය පළ කරන්න තවත් පක්ෂයක් 'orchestrated' සංවිධිත ලෙස ඒක කරනවා."

සමාජ මාධ්‍ය මෙන්ම සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන්, වෘත්තීය සමිති ඇතුළු බොහෝ පුරවැසි සංවිධාන පසුගිය ජනපතිවරණයේ දී දේශපාලන පක්ෂ හා සමානවම හෝ ඊටත් වඩා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ බව නොරහසක්.

එහෙත් මෙවර මහ මැතිවරණයේදී එම සංවිධානවල කාර්ය භාරයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බවත් ආචාර්ය උදාන් ප්‍රනාන්දු පවසයි.

සවන් දෙන්න සම්පූර්ණ සාකච්ඡාවේ හඬ පටයට.