ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැඳුම්කර ආන්දෝලනය පිළිබඳ පරීක්ෂණය 'අලුත් පාර්ලිමේන්තුවෙන්'

මහ මැතිවරණයෙන් නව ආණ්ඩුවක් තේරී පත්වීමෙන් අනතුරුව මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ආන්දෝලනය පිළිබඳව විමර්ශනය කිරීම පිණිස පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන බව අගමැතිවරයා පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ, කොළඹ අරලියගහ මන්දිරයේදී පැය භාගයකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී.

කෙසේ නමුත් 'පර්පචුවල්' සමාගමේ අධ්‍යක්ෂවරියක් මහ බැංකුවේ හිටපු අධිපති නිවාඩ් කබ්රාල් ගේ සොහොරුයක් බව අනාවරණය වී තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

"ඉතින් මේවා ඒ අය මාර්ගයෙන් ආවද නැද්ද කියල අපි දන්නේ නෑ. ඒවා තමයි හොයන්න තියෙන්නේ."

සාකච්ඡාවේ දෙවැනි කොටසයි මේ.