ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සජිත්ට නාමල්ගෙන් අභියෝගයක්

වරාය සහ ගුවන් තොටු පොල දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබුණ බව හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

එම වැඩපිළිවෙළ වසර පහක් ක්‍රියාත්මකව තිබුණේ නම් අනිවාර්යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙන බව ඔහු පැවසුවේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය මාස හය ඇතුළත හම්බන්තොට පලාතට කළ එක වැඩක් පෙන්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

“හදපු එක පාරක්, ගොඩනැගිල්ලක්, බෝක්කුවක් පෙන්වන්න කියන්න, " හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී වාර්තාකරු අසාම් අමීම් සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් අභියෝගයක්ද එල්ල කළේය.