ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාමල් තවම පරිනත වෙලා නැහැ -සජිත්

මාස පහමාරක් තුළ කර ඇති වැඩ ප්‍රමාණය වසර නමය හමාරක පාලන කාලය සමඟ සංසන්දනය කිරීම තුළින් පෙනී යන්නේ නාමල් රාජපක්‍ෂ හිටපු මන්ත්‍රීවරයා තවම පරිනත වී නැති බව පමණක් යැයි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව බීබීසීයට කියා සිටියේ පසුගිය දා නාමල් රාජපක්‍ෂ හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්

අභියෝගය

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය මාස හය ඇතුළත හම්බන්තොට පලාතට කළ එක වැඩක් පෙන්වන ලෙස නාමල් රාජපක්ෂ අභියෝග කර තිබුණි.

“හදපු එක පාරක්, ගොඩනැගිල්ලක්, බෝක්කුවක් පෙන්වන්න කියන්න." හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙම අභියෝගය එල්ල කළේය.

පිළිතුරු

‘මං හිතන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමාගේ දේශපාලන බොලඳ තාවය එතැනින්ම මතු වෙනවා. වසර නමය හමාරක ජනාධිපති සේවා කාලයත් මාස පහමාරක රජයක සේවා කාලයත් සංසන්දනය කිරීමෙන්ම පෙනෙනවා ඔහුට ඉගෙන බොහෝ දේවල් තියෙන බව. එතුමා තවම දේශපාලන වශයෙන් තෙම්පරාදු වෙලා නැහැ. ජනතාවගේ බඩට කටට දැනෙන සංවර්ධනයක් අපි මේ මාස හය තුළ ආරම්භ කරලා තියෙනවා.’ සජිත් ප්‍රේමදාස එම අභියෝගයට පිළිතුරු බැන්දේය.

කෙසේ වෙතත් මෙවර හම්බන්තොට ජය හිමි වන්නේ එජාපයට බව ඔහු අවධාරණය කරයි.