තනි පක්ෂයකට බහුතර බලයක් නෑ, එජාපය ඉදිරියෙන්?

2015 මහ මැතිවරණයේ සියලු ප්‍රතිඵල සජීවී ලෙසින් මේ පිටුව ඔස්සේ අපි ඔබ වෙත ගෙන එනවා.

අලුත්ම ප්‍රතිඵල දැන ගැනීම පිණිස මෙතැන ඔබන්න.

ආයුබෝවන් ඔබ සැමට. සුනෙත් පෙරේරා සමඟ එක් වී ලන්ඩනයේ බීබීසී සංදේශය කාර්යාලයේ සිට මුළු රාත්‍රිය පුරාම ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන මම සරෝජ් පතිරණ.

අපේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් ඇතුළු ප්‍රාදේශීය වාර්තාකරුවන් පිරිසත් මා සමඟ එක්වෙනවා. ලැබුණු සැනින් ප්‍රතිඵල ලබාදීම අපේ බලාපොරොත්තුවයි.

අගෝස්තු 17 වැනි දින පැවැත්වුන මහ මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය තවම නිකුත් නොවුවත්, ප්‍රතිඵලය පිළිබඳ ඉඟි පලවෙමින් තිබෙනවා.

ප්‍රතිඵල නිකුත් කිරීම දැන් සිදුවෙමින් තිබෙන්නේ ඉතා මන්දගාමීව.

රාත්‍රිය මුළුල්ලේ ඔබ සමඟ මැතිවරණ ප්‍රතිඵල බෙදා හදාගත් අපටත් දැන් විවේකයක් ගැනීමට කාලය ඇවිත්.

ඉතින් සජීවී පුවත් මෙයින් නිමා වෙනවා හිතවතුනි, එහෙත් මැතිවරණය හා අදාළ පුවත් සහ විශ්ලේෂණ දිගටම බීබීසී සිංහල අඩවිය ඔස්සේ.

10.05 වසන්ත සේනානායක

Image caption හදිසියේම රෝගාතුර වන විට වසන්ත සේනානායක දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද ලබා ගෙන සිටියා

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායකයා වන හිටපු මන්ත්‍රී වසන්ත සේනානායක මින් මොහොතකට පෙර හදිසියේ රෝගාතුර වූ බව තක්ෂිලා දිල්රුක්ෂි වාර්තා කරනවා.

ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බවයි සැලකෙන්නේ.

රෝගාතුර වන විට වසන්ත සේනානායක දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද ලබා ගෙන සිටියා.

09.50 එජාපය ඉදිරියෙන්?

මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබෙන ලකුණු.

එක්සත් ජාතික පක්ෂය 105-107 ත් අතර ප්‍රමාණයක් හිමි වන ලකුණු දක්නට ලැබෙන බව බීබීසී සංදේශයට සමඟ කියා සිටි පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ අමාත්‍ය කරු ජයසූරිය, ජනතාවගේ තීන්දුව 'හිස නමා පිළිගන්නා' බවත් සඳහන් කළේය.

ඉක්මනින්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

9.20 යාපනයේ තත්වය

මැතිවරණයට පෙරාතුවත්, මැතිවරණය දිනයේත් සමස්තයක් වශයෙන් යාපනයේ ඉතාම සාමකාමී තත්වයක් පවතී බව විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් පවසනවා.

විශේෂයෙන්ම ප්‍රදේශයේ කිසිදු ස්ථානයක හමුදාව යොදවා තිබෙනු දක්නට නොවූ බවයි, ඔහු පවසන්නේ.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මෙවර තරඟ කරන්නේත් යාපනය දිස්ත්‍රික්කයෙන්.

9.10

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් බැගින් හිමි වනු ඇතැයි බලාපොරොත්තු වුවත්, අවසානයේ එම පක්ෂයට හිමි වුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් පමණයි.

Image caption අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ජාතික රජයක් පිහිටවීමේ බලාපොරොත්තුවක්

ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාවක් දකින්න ලැබෙනවා.

ඒ අතර මහ මැතිවරණයේ පරාජය පිළිගන්නා බවක් ප්‍රංශ පුවත් සේවය සමඟ සඳහන් නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් යවමින් පවසනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කළ පළාත් සභා මන්ත්‍රී උදය ගමන්පිල සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කොට ඇත්තේද මෙවර මහ මැතිවරණයෙන් තම කණ්ඩායම පරාජය වූ බවයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආසන

එජාපය - 02

එජනිස - 01

දෙමල ජාතික සන්ධානය - 01

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන

එජනිස - 06

එජාපය - 04

ගාල්ල දිස්ත්‍රික්කය

එජනිස - 312,518

එජාපය - 265,180

ජවිපෙ - 37,778

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන

එක්සත් ජාතික පක්ෂය 03

එක්සත් ජනතා නිදහස් සන්ධානය 03

යාපනය දිස්ත්‍රික්කයේ ආසන

දෙමල ජාතික සන්ධානය - 05

ඊපීඩීපී - 01

එක්සත් ජාතික පක්ෂය - 01

06.45 හපුතලේ ආසනය

එජාපය -26813

එජනිස -13539

ලංකා කම්කරු කොංග්‍රසය - 2949

06.09 බලංගොඩ ආසනය

එජාපය - 38039

එජනිස -37015

ජවිපෙ - 2307

06.08 කෑගල්ල ආසනය

එජනිස - 25562

එජාපය - 22643

ජවිපෙ - 2587

06.05 වාරියපොළ ආසනය

එජනිස - 29038

එජාපය - 23217

ජවිපෙ - 20152

06.03 පොල්ගහවෙල ආසනය

එජනිස - 26517

එජාපය - 25705

ජවිපෙ - 2395

05.59 කරන්දෙණිය ආසනය

එජනිස - 27367

එජාපය - 18796

ජවිපෙ - 2588

05.50 වැලිමඩ ආසනය

එජාපය - 30086

එජනිස - 20127

ජවිපෙ - 2497

05.45 අකුරැස්ස ආසනය

එජනිස -35582

එජාප - 25643

ජවිපෙ - 5358

ජාතික මට්ටමින් දේශපාලනයේ යෙදුණු දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට නැවතත් දියවන්නාව තරණය කිරීමට නොහැකි වනු ඇති බව පුත්තලම වාර්තාකරු ප්‍රසාද් පුර්ණිමාල්ගේ අදහසයි.

05.25 රක්වාන ආසනය

එජාපය - 39172

එජනිස - 35587

ජවිපෙ - 1838

05.21 කඹුරුපිටිය ආසනය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එජනිස -33,643

එජාපය - 20,356

ජවිපෙ - 3904

05.17 හම්බන්තොට දිස්ත්‍රික්කය

එජනිස - 196,980

එජාපය - 130,433

05.14 දැරණියගල ආසනය

එජාපය - 24468

එජනිස - 22674

ජවිපෙ - 1049

05.08 රත්ගම ආසනය

එජනිස - 29554

එජාපය - 20869

ජවිපෙ - 2928

05:05 අක්මීමන ආසනය

එජනිස -33819

එජාප -28902

ජවිපෙ - 5330

04:56 දෙනියාය ආසනය

ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානයට - 36532

එජාප - 30024

ජවිපෙ - 4070

04:51 මැදිරිගිරිය ආසනය

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ආසනයේත් ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 3000 කින් පමණ පරාජය වී තිබෙනවා.

04:38 ත්‍රිකුණාමලය ආසනය

දෙමළ ජාතික සන්ධානය:27612

එජාප: 17674

Image caption ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ත් අවසන් ට්විටර් පණිවුඩය නිකුත් කොට තිබෙන්නේ මින් පැය කිහිපයකට කලින්

එජනිස: 8211

04:30 මුත්තූර් ආසනය

එජාප: 40130

දෙජාස: 10555

එජනිස: 5033

මේ වන විට ඉතා වේගයෙන් ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. උදෑසන 04:20 වන විට ලැබී තිබෙන ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂයට වඩා ඉදිරියෙන් සිටිනවා.

04:17 හක්මන ආසනය

එජනිස: 40128

එජාප: 21637

ජවිපෙ: 3936

04:10 කන්කසන්තුරේ ආසනය

ජයග්‍රහණය දෙමළ ජාතික සන්ධානයට: 14756

ඊපීඩීපී:2464

එජාප: 2064

03:50 පොලොන්නරුව ආසනය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන පොළොන්නරුවේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට.

එජාප: 56,387

එජනිස: 43,900

ජවිපෙ: 5502

03.30 මාතර ආසනය

එජාපය 30832

එජනිස 28364

ජවිපෙ 5910

03.26 යාපනය ආසනය

ඉලංකයි තමිල් අරුස කච්චි 13545

ඊපීඩීපී 2203

එජාපය 1414

දෙමල ජාතික සන්ධානය 1132

03.24 තංගල්ල ආසනය

එජනිස 50697

එජාපය 28700

ජවිපෙ 10842

ලංකාවේ වේලාවෙන් 03.20 බෙලිඅත්ත ආසනය

එජාපය 31389

එජනිස 21165

ජවිපෙ 5399

ලන්ඩන් වේලාවෙන් රාත්‍රී 22:27 චාවකච්චේරි ආසනය

ඉලංකයි තමිල් අරුස කච්චි 20188 එජාප 1682 එජනිස 1591 ඊපීඩීපී 1469

රාත්‍රී 22.17 යාපනය දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද

ඉලංකයි තමිල් අරුස කච්චි 10087

එක්සත් ජාතික පක්ෂය 1472

දෙමල කොංග්‍රසය 1398

ඊපීඩීපී 1233

රාත්‍රී 22.14 උප්පිඩි ආසනය

ඉලංකයි තමිල් අරුස කච්චි 12650

එක්සත් ජනතා නිදහස් සන්ධානය 2192

දෙමල කොංග්‍රසය 1606

ඊපීඩීපී 1233

රාත්‍රී 9:30 දෙවිනුවර ආසනය

එජනිස - 29565

එජාප - 21187

ජවිපෙ - 4711

රාත්‍රී 9:20 ප්‍රතිඵල නිකුත් කිරීමේ මඳ විරාමයක්.

Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය අගෝස්තු 13 වැනිදායින් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කර නැහැ

බීබීසී සංදේශයේ වැඩ බලන සංස්කාරකවරයාත් අප සමඟ රැඳී සිටිනවා. මේ ඔහු නිරීක්ෂණය කළ දෙයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය අගෝස්තු 13 වැනිදායින් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කර නැහැ.

රාත්‍රී 8:40 ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15501

එක්සත් ජාතික පක්ෂය -12839,

ජනතා විමුක්ති පෙරමුණ -3465

ලන්ඩන් වේලාව රාත්‍රී 8:40

හම්බන්තොට තැපැල් ඡන්ද ප්‍රතිඵලය:

එජනිස: 8441, එජාප: 5955, ජවිපෙ: 2401

රාත්‍රී 8:30 ගාල්ල මැතිවරණ කොට්ඨාශය

Image copyright Getty

එක්සත් ජාතික පක්ෂය -33798

එක්සත් ජනතා නිදහස් සන්ධානය -19613

ජනතා විමුක්ති පෙරමුණ - 4777

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 141 ක් ලබා ගනිද්දී, බොදු ජන පෙරමුණ ඡන්ද 139 ක් ලබා ගෙන තිබේ.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුර දිස්ත්‍රික්කයෙන්.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙසේයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 11,367 එක්සත් ජාතික පෙරමුණ - 9673 ජනතා විමුක්ති පෙරමුණ - 1808

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙසේයි.

එක්සත් ජාතික පෙරමුණ - 5215

එක්සත් ජනතා නිදහස් සන්ධානය -2894

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 2099

ජනතා විමුක්ති පෙරමුණ - 301

තැපැල් ඡන්ද ගණන් කිරීම දැන් සිදු වෙමින් පවතින අතර සෙසු තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ඉක්මනින් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද සඳුදා මධ්‍යම රාත්‍රී සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වෙනු ඇති බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජන මාධ්‍යයට පැවසුවේ.

2015 වසරේ පාර්ලිමේන්තුව මහා මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද දින සාමකාමිව හා සාධාරණව පැවැත්වීමට හැකිවූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

ගතවූ පැය 48ක කාලය තුළ මැතිවරණයට බාධා වන කිසිදු බරපතළ සිදුවීම් කිසිවක් වාර්තාවී නොමැති බව ඔහු සඳහන් කළේය.

ඡන්ද විමසීමේදී එකදු ඡන්ද පොළක හෝ ඡන්දය ශුන්‍ය කිරීමට සිදු නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි කොමසාරිස්වරයා ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ

මැතිවරණ නිතිය කඩකිරීම් නිසා පිරිසක් අද දින බන්ධනාගාරයේ රාත්‍රී භෝජනය භුක්ති විඳින බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා සමස්තයක් ලෙස මැතිවරණය පැවැත්වුණු ආකාරය ගැන තමන් සතුටු වන බවයි පැවසුවේ.

මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය ගැන තමන් නිශ්චිතව තවමත් නොදන්නා නිසා ඒ ගැන ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.