ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනතාව ජනවාරි 8 විප්ලවය තහවුරු කළා - අගමැති

ඉකුත් ජනවාරි මාසයේ 8 වෙනි දින සිදු කළ විප්ලවය ජනතාව යළි තහවුරු කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

යහපාලන වැඩපිළිවෙළ ආපසු හැරවිය නොහැකි බවත් ඊළඟ රජයේ අගමැතිවරයා ලෙස එම කාර්ය භාරය බාර ගැනීමට කටයුතු කරන බවත් අද, බදාදා අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අඟහරුවාදා හමුවී යහපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ සම්මුති වාදී වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව ප්‍රකාශ කරමින් බවත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඒ සඳහා එක් කර ගැනීමට බලා රොත්තු වන බවත් අගමැතිවරයා පැවසුවේය .

ඉන් ඉවත් නොවන බවත් ඒ සඳහා ජාතික කර්තව්‍යයක් සියලු දෙනා වෙත පැවරී ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය .

රටේ සියලු ආගමික නායකයින් ද ඇතුළු සියලු දෙනා එක්ව ඉදිරි වසර දෙක හෝ පහ තුළ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීම පිණිස මූලික එකඟතාවක් හෝ ඇති කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි අගමැතිවරයා තවදුරටත් සඳහන් කළේ.