මනාප ක්‍රමය: මන්ත්‍රීවරයෙක් අහිමි ඡන්දදායකයෝ

Image caption බොහෝ මැතිවරණ කොට්ඨාශවලට වගකියන මන්ත්‍රීවරයකු නොමැති වීම මනාප ක්‍රමයේ දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවයක්

අගෝස්තු 17 වැනි දින පැවැත්වුන මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු තෝරා පත් කර ගැනුණත්, බොහෝ මැතිවරණ කොට්ඨාශවලට වගකියන මන්ත්‍රීවරයකු නොමැති වීම මනාප ක්‍රමයේ දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවයක්.

එක්සත් ජාතික පක්ෂය පුත්තලම ආසනයෙන් ජයග්‍රහණය ලැබුවත්, මෙවර මැතිවරණයේදීත් පුත්තලම ආසනයට මන්ත්‍රීවරයකු නොමැති වීම ජනතාවගේ කනස්සල්ලට හේතු වී තිබෙන බව ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

එමෙන්ම ප්‍රධාන පක්ෂ දෙකට ජනතාව ආකර්ෂණය වූ අතරවාරයේ, ඡන්දදායකයන් සුළු පක්ෂ අත්හැර දමා ඇති හැඩක් පෙනී යන බවත් ඔහු සඳහන් කරයි.

Image caption පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් කිසිදු මුස්ලිම් අපේක්ෂකයකු තේරී පත් නොවීමත් කැපී පෙනෙන්නක්

අනෙක් අතට රට පුරාම බොදු ජන පෙරමුණ වැනි දැඩි මතධාරී බලවේග ජනතාව ප්‍රතික්ෂේප කිරීමත් කැපී පෙනෙන්නක්.

කෙසේ නමුත් සිය පක්ෂයට ජනමාධ්‍යවලින් අවස්ථාවක් නොලැබීම සිය පරාජයට හේතු වූ බවයි බොදු ජන පෙරමුණේ සභාපති ඩිලන්ත විතානගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

මෙවර මහ මැතිවරණයේදීත් පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් කිසිදු මුස්ලිම් අපේක්ෂකයකු තේරී පත් නොවීමත් කැපී පෙනෙන්නක්.

ඒ පිළිබඳව පුත්තලමවාසීන් කිසියම් කනස්සල්ලකින් පසුවන බවත් ප්‍රසාද් පූර්ණිමාල් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර