සංගාගේ පිති හරඹය නැරඹීමට මහේල ලංකාවට

Image copyright AP

කොළඹ සරා ඕවල් පිටියේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිම ආරම්භ කරමින් ඊයේ (20) පළමුවෙන් පන්දුවට පහර දීම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ළකුණු 393 ක් රැස් කිරීමට සමත් වූහ.

ඉන්දීය පිතිකරු කේ.එල්. රාහුල් ළකුණු 108 ක් වාර්තා කළ අතර නායක වී. කෝලි සහ ආර්.ජී.ෂර්මා පිලිවෙලින් ලකුණු 78 ක් සහ 79 ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් HMRKB හේරත් ඕවර විසි පහකදී කඩුළු හතරක් බිඳ හෙළීය.

මේ ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා ඉනිම දැන් ආරම්භ වී ඇති අතර, පිතිකරු FDM කරුණාරත්න එක ලකුණකට සීමා කිරීමට ඉන්දියානු පන්දු යවන ක්‍රීඩක යාදව් සමත් විය.

ඔහු දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදටයි.

සංගාගෙන් උඩ පන්දුවක්

සිය අවසාන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර සහ JK සිල්වායි ඉන් අනතුරුව පන්දුවට පහර දීම ආරම්භ කළේ.

සිල්වා ලකුණු පනස් එකක් ලබා සිටියදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මිෂ්රා විසින් එවන ලද පන්දුවකට පහර එල්ල කිරීමේදී එය කෙලින්ම අෂ්වින් අතට උඩ පන්දුවක් හැටියට පත් වූ අතර සංගක්කාර දැවී ගියේ මිෂ්රා ගේ පන්දුවක් පන්දු රකින රහනේ අතට පත් කිරීමෙනි.

ඉන් අනතුරුව පිටියට බට තිරිමාන්න සහ නායක මැතිව්ස් අද තරඟය නිම වන විට පිලිවෙලින් ලකුණු 28 ක් සහ 19 ක් බැගින් ලබා සිටියහ.

අද ළකුණු පුවරුව මෙතැනින් නරඹන්න.

පසුගියදා විදේශගතව සිටි මහේල ජයවර්ධන, සිය ක්‍රීඩා සගයා වන කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන මෙම අවසන් තරඟය නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව බව මාධ්‍ය වාර්තා කරයි.