ඉන්දු - පකිස්තාන් සාම සාකච්ඡා වලට බාධා

Image copyright thinkstock

මතභේදයට ලක්ව තිබෙන කාශ්මීර ප්‍රාන්තයේ බෙදුම් වාදී නායකයන් හමුවීමට අවශ්‍ය බව පකිස්ථාන් ඉහල පෙලේ ආරක්ෂක උපදේශකයන් බල කොට සිටියහොත් පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා අවලංගු කරන බව ඉන්දීය රජය පවසයි.

සාකච්ඡා ලබන ඉරිදා සහ සඳුදා දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෙනසුරාදා රාත්‍රී වන විට සාකච්ඡාවලට සහභාගී වන බවට පාකිස්ථානය සහතික විය යුතු බව ඉන්දීය විදේශ ඇමතිවරිය ප්‍රකාශ කොට තිබේ.

සාකච්ඡාවලට සහභාගි වීම සඳහා දිල්ලි නුවරට පැමිණීමට තමන් සූදානම් බව පකිස්ථාන් ජාතික ආරක්ෂක උපදේශකයා කලින් ප්‍රකාශ කළ අතර කාශ්මීර බෙදුම්වාදී නායකයන් හමුවීම සාමාන්‍ය සිරිත බවයි ඔහු ප්‍රකාශ කළේ.