කාතන්කුඩියේ ප්‍රචණ්ඩ ක්‍රියා

protest

මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේ ඊයේ රාත්‍රී දෙපර්ශවයක් අතර සිදුවු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් කාන්තාවන් ද ඇතුළු කීප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්වයක් පවතින අතර සැකපිට හය දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසී සංදේශයට පැවසීය.

මහා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙක් වශයෙන් තරඟ කල හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.එම් හිස්බුල්ලා පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කිරීමෙන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනින.

සිකුරාදා සවස සවස එක්සත් ජනතා නිදහස් සන්ධාන යේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුගේ නම සඳහන් වුන නිවේදනය නිකුත් වීමෙන් පසුව ඔහුගේ ආධාරකරුවන් වීදි බස,රතිඥා පත්තුකරමින්,පෙළපාලි පැවැත්වුහ.පාක්ෂිකයින්ට පහර

පෙළපාලි පැවැත්වූ වීදියේදී හා නිවස වලට ඇතුල් වී තම පාක්ෂිකයින්ට පහර දුන් බව බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ යහ පාලනය සඳහා වූ ජනතා පෙරමුණ යන පක්ෂ චෝදනා කරයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවන් දී කාන්තාවන් ඇතුළු තම පාර්ශවයේ 23 දෙනෙකු තුවාල ලැබූ බව කාතන්කුඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකයෙක් ලෙස තරඟ කළ මොහොඩ් ෆාර්රුක් කියා සිටියේය.

මෙම සිද්ධිය හෙලා දැක, එම් .එල් එම් හිස්බුල්ලා හට ලබා දී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුර පිළිබඳව නැවත සලකා බලන ඉල්ලා සිටින විරෝධතා අද සෙනසුරාදා කොළඹ සහ කාතන්කුඩි හි දී පැවැතිවිණි.

ප්‍රකෝපකාරී හැසිරීම්

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ,හිටපු අමාත්‍ය එම.එල්.එම් හිස්බුල්ලා කියා සිටියේ තම අධාරකරුවන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන් ට ලැබීම සම්බන්ධයෙන් සතුට පලකළ අවස්ථාවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ යහ පාලනය සඳහා වූ ජනතා පෙරමුණේ පාක්ෂිකයින් තම අධාරකරුවන් ප්‍රකෝප කරන ආකාරයෙන් හැසිරුන බවයි.