ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංගා ගැන ක්‍රිකට් ලෝලීන්ගේ අදහස්

ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පත් කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පිළිබඳ කණගාටුවෙන් පසුවන ක්‍රිකට් ලෝලීන්ගේ අදහස්.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අනාගත දිවියට සුභ පැතුම් එක් කරන ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනකු කියා සිටියේ ආදරණීය සංගා විසින් ලාංකීය ක්‍රිකට් ඉතිහාසයට මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක් කළ පිති හරඹයන් සදා අමරණීය බවයි.

සංගක්කාර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීම වෙනුවෙන් සඳුදා පෙරවරුවේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

එම අවස්ථාවට එක් වීම සඳහා ක්‍රිකට් ලෝලීහු විශාල සංඛ්‍යාවක් ක්‍රීඩාංගණයට රැස් වී සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් ද උත්සවයට සහභාගී විය.