රාජාසන කතාවෙන් කරුණු හතක්

presidient_sl_lk Image copyright parlment.lk

රාජාසන කතාව පැවැත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්මුතිවාදී සන්ධානගත රාජ්‍ය පාලනයක් පිළිබඳව තම අපේක්ෂාව හෙළිදරව් කළේය. රාජාසන කතාවෙන් හෙළිදරව් වන ප්‍රධාන කරුණු කීපයකි මේ.

අනාගතවාදීව

පරිවර්තනීය යුගයක තේරීපත් වූ මේ පාර්ලිමේන්තුව අනාගතවාදීව කල්පනා කොට වැඩ කල යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දා පටන්ම විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව මැසිවිලි මතු වී ඇතිවී අතර විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව තීන්දුවක් ගැනීම මෙම පාර්ලිමේන්තුවේ වගකීමක් වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රාජ්‍ය දේපළ

රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති අයට තරාතිරම නොබළා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

උගතුන් ගෙන්වා ගැනීම

Image copyright parliment
Image caption හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ රාජාසන කතාවට සවන් දෙමින්

විදේශ ගත උගතුන් යළිත් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා තමන්ගේ සම්බධීකරණය ඇතුව කාර්යාංශයක් පිහිටුවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

පෙළපත් නම

පෙළපත් නාමය පුද්ගල කැමැත්ත අනුව භාවිතා කිරීමට ඉඩ දෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.ඒ අනුව අවශ්‍ය වෙතොත් මුල් අකුරු පමණක් භාවිතා කළ හැකිය.

ආදිවාසීන්

Image copyright parliment
Image caption ජනාධිපති බිරිඳ සහ හේමා ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී

ශ්‍රී ලංකාවේ ජන කොටස් හැඳින්වීමේ දී ජනාධිපතිවරයා විශේෂයෙන්ම ආදිවාසි ජන කොටස පිළිබඳව සඳහන් කළේය. ශ්‍රී ලාංකීය ජාතියේ පදනම ලෙසින් හැම දෙනාටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් මේ තාක් සම්මත කර ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණක් වන අතර මේ තත්වය වෙනස් කිරීම නව පාර්ලිමේන්තුවේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආසියා කේන්ද්‍රීය මැද මාවත

ශ්‍රි ලංකාවේ කීර්ති නාමය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් ‘ආසියා කේන්ද්‍රීය මැද මාවතක් ඔස්සේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ලෝක ආර්ථිකයේ කේන්ද්‍රයක් ලෙස ආසියාව හිමි කර ගන්නා ප්‍රබල ස්ථානයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය සහ සම්මුතිය ලබා ගැනීම වැදගත් බව ජනධිපතිවරයා පෙන්වා දුන්නේය.