ලහිරු, දිනේෂ්, ධම්මික සහ ශර්මාට දඬුවම්

Image copyright THINKSTOCK

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි ටෙස්ට් තරඟයේ දී ඇති වූ උණුසුම් වචන හුවමාරුව ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ට් ශර්මා ටෙස්ට් තරඟයකින් සහ දිනේෂ් චන්දිමාල් එක් දින තරඟයකින් පහ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි.

මීට අමතරව ලහිරු තිරිමාන්නට සහ ධම්මික ප්‍රසාද්ට ඔවුන්ගේ තරඟ ආදායමෙන් සියයට පනහක දඩයක් නියම කර ඇත.

Image copyright AFP

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දඬුවම් පමුණුවා ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි ටෙස්ට් තරඟයේ අවස්ථා දෙකකදී ඇති වූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි.

Image copyright AP

තුන්වැනි ටෙස්ට් තරඟයේ හතරවැනි දිනයේ දී ප්‍රසාද්ගේ පන්දුවට පහරක් එල්ල කරමින් අනිත් අන්තයට පැමිණි ඉෂාන් ශර්මා තම හිසට අතින් පහර දෙමින් ධම්මික ප්‍රසාද්ට යමක් කියනු දක්නට ලැබුණි.

එහිදී ක්‍රීඩකයන් අතර බහින්බස් වීමක් ඇති වුණු අතර විනිසුරුවරුවන් එහිදී කණ්ඩායම් දෙකටම අවවාද කරන ආකාරයක් පෙනුණි.

Image copyright Reuters

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඉෂාන් ශර්මා වෙත ගොස් යමක් ප්‍රකාශ කළ අතර විනිසුරු එහිදී ඔහුට අවවාද කළේය.

ඉන් පසු ඇරඹුණු ශ්‍රී ලංකා ඉනිමේ ද ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන් ශර්මා ආවේගශිලිව හැසිරුණු අතර කිහිපවරක්ම ඔහුගේ හැසිරීම පිළිබඳව විනිසුරුවන් ඔහුට අවවාද කර තිබුණි.

Image copyright AP

තරඟයේ තුන්වැනි දිනයේදී ද ඉෂාන් ශර්මා හා රංගන හේරත් අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර කුසල් පෙරේරා දැවී යාමේ දී ඔහුට ඉන්දීය ක්‍රීඩකයන් යමක් ප්‍රකාශ කරනු දක්නට ලැබුණි.