ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලි මිනිස් ගැටුමට මැදි වූ මාධ්‍යවේදියා

පොළොන්නරුව මින්නේරිය සමගිපුර ප්‍රදේශයේ ගම් වැදි වන අලියකු පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන අලි ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.

අඟහරුවාදා අලුයම පහට පමණ සමගිපුර ප්‍රදේශයට පැමිණි වන අලියා කැමරාවට හසු කර ගැනීමේ අරමුණින් උදෑසන හතට පමණ මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක ද එම ප්‍රදේශයට ගොස් තිබේ.

ඔහු විසින් පටිගත කරන ලද අවසාන දර්ශන කිහිපය ද මෙම වීඩියෝවේ දැක්වේ.

වල් අලි ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ප්‍රියන්තගේ කැමරාව බිම වැටෙන අවස්ථාව එම දර්ශන වලින් පැහැදිලි වේ.

මරුමුවට පත් මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක තිදරු පියෙක්.

වන අලියා පසුපස යමින් කැමරාකරණයේ යෙදුණු මාධ්‍යවේදියාට වන අලියා පහර දුන් ආකාරය තමා දුටු බවයි පොළොන්නරුව ප්‍රාදේශීය මාධ්‍යවේදී අසේල ධර්මවංශ පවසන්නේ.