දිනක් ඇතුළත ඇමති පදවි මාරුවක්

ආණ්ඩුව වැඩිකල් නොයන බවක් ඇතැමුන් ප්‍රකාශ කළත් අවුරුදු පහක කාලයකට පෙර ආණ්ඩුවේ කිසිදු බිඳ වැටීමක් සිදු නොවන බව ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අද (03) නව ඇමතිවරුන් දිව්රුම් දුන් අවස්ථාවේ ප්‍රකාශයක් කරමින්.

තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වසර පහකට පෙර දේශපාලන වශයෙන් අඩු බර දරු උපතක් බලාපොරොත්තු නොවිය යුතු බවයි අවධාරණයෙන් කියා සිටියේ.

බලයේ පැවති දේශප්‍රේමී ආණ්ඩුවක් පෙරලූ බවක් ඇතැමුන් පැවසුවත් සැබෑ ලෙසම රටට ආදරය කරන දේශප්‍රේමීන් සහ ජාති හිතෛෂීන් කවුරුන්ද යන්න ඉදිරි ක්‍රියාකලාපය මගින් පෙන්නුම් කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

Image copyright bb

තමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට හසු වී ඇති බවක් ඇතැම් අඩු අත්දැකීම් සහිත දේශපාලනඥයන් ප්‍රකාශ කළත් කිසිදු බලවේගයකට යටත් නොවන බවයි ඔහු කියා සිටින්නේ.

පදවි මාරුවක්

මේ අතර අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනකු සිය පදවි මාරු කර ගත් බවක් ද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද උදේ වරුවේ සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු භාර ඇමති පදවියේ දිව්රුම් දුන්නත් ස්වදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති පදවියේ දිව්රුම් දුන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමඟ එම පදවි මාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

Image copyright bb

ඊට හේතු වී ඇත්තේ එක් නියෝජ්‍ය ඇමතිවරයකුට සිය විෂය භාර ඇමතිවරයා සමඟ කටයුතු කිරීමේ දුෂ්කර තත්වයක් බවත් එම වාර්තා මගින් පැවසෙයි.

ජම්බෝ ඇමති මණ්ඩලයක්

අද(09) අලුතින් දිව්රුම් දුන් කැබිනට් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ ඇමති මණ්ඩලයේ සමස්ත සංඛ්‍යාව අනූවකට ආසන්න වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු ඇමතිවරුන් මෙම සැප්තැම්බර් 04 වෙනි දින දිව්රුම් දුන් අතර අද තවත් ඇමතිවරුන් 44 දෙනෙක් දිව්රුම් දුන්හ.

Image copyright bb

ෆයිසර් මුස්තෆා පළාත් පාලන හා පළාත් සභා ඇමතිවරයා හැටියටද මලික් සමරවික්‍රම සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමැති සහ විජිත් විජයමුණි සොයිසා වාරිමාර්ග ඇමති පදවියේද අද දිව්රුම් දුන්හ.

එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ම නව අසම්මුතිවාදී ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති පදවි භාර ගනු ලැබ ඇත.