ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කලාව සුරැකීමට 'ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි'

ශ්‍රී ලංකාවේ බිහි වූ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ අනාගතය සුරක්ෂිත කරනු වස් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පවසයි.

'අපි නිතරම කතා කරන්න ඕනි අපෙන් පසු එන අයට මොකක්ද කලාව වෙනුවෙන් ඔහුට කිසියම් කටයුත්තක් කරන්න පහසුකමක් සලසලා තියනවද? ඒ පහසුකම් මොන මොන මතිමතාන්තර ආවත් වෙනස් නොවී පවත්වා ගන්නේ කොහොමද කියන එක?'

''කලාව ඇතුළුව නැති වී යන අපේ ආචාරධර්ම'' යළි ඇති කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව ආචාර්ය වික්ටර් රත්නායක කියා සිටියේ විශාරද සුනිල් එදිරිසිංහ සමග ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා රජයේ මැදිහත් වීමක් සිදු වුවත් කලා කරුවා සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම විශාරද සුනිල් එදිරිසිංහ එහිදී පෙන්වා දුන්නේය.

පවතින රජයේ හෝ දේශපාලන වශයෙන් ‘වන්දිභට්ටයකු’ වීම කලාකරුවකුට උචිත නොවන බවයි ආචාර්ය වික්ටර් රත්නායක කියා සිටියේ. මෙම සාකච්ඡාවේ තෙවන කොටස නුදුරේදී බලාපොරොත්තු වන්න.