ඇවන්ට්ගාර්ඩ් පරීක්ෂණ නොනවතී

ඇවන්ට්ගාර්ඩ් පරීක්ෂණ පෙරට ගෙන යනමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඍජු නියෝගයක් සිදු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ කැබිනට් තොරතුරු ප්‍රකාශයට පත් කරමින් මාධ්‍යවේදීන් හමුවේ.

කිසිවකුගේ ඇඟිලි ගැසීමකින් තොරව අදාළ පරීක්ෂණ පෙරට ගෙන යන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බවයි රාජිත සේනාරත්න ඇමතිවරයා පවසන්නේ.

ඊයේ (22) ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුව එම පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව සිය කනස්සල්ල පළ කළේය.

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් සහ රක්නා ලංකා සමාගමේ අවි සැපයුම් පිළිබඳවයි ඇවන්ට්ගාර්ඩ් පරීක්ෂණ වලට අදාළ වන්නේ.