කහවත්තේ තවත් අභිරහස් ඝාතනයක්

තවත් කාන්තා ඝාතනයක් කහවත්තේ කොටකෙතන ප්‍රදේශයේ වාර්තා වෙයි

ඊයේ අඟහරුවාදා මෙසේ මරා දමා ඇත්තේ නාදන් පාප්පු නමැති 48 හැවිරිදි දෙදරු මවක්.

ඇය ඕපාතවත්තේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි තැනැත්තියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු අජිත් ලාල් ශාන්ත උදය පැවසුවේ.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොටකෙතන, දිඹුල්වල, වාපිටිය යන ග්‍රාම සේවා වසන්වල සිදුවූ අභිරහස් කාන්තා ඝාතන අතරින් මෙය 19 වැනි ඝාතනය බවයි පොලීසිය පැවසුවේය.

එසේම මෙය ද්‍රවිඩ ජාතික කාන්තා ඝාතනවලින් තුන් වැන්නයි.

මීට පෙර සිදුවූ ඝාතන වලින් පිළිස්සුම් ඝාතන හැර සෙසු සිදුවීම් වලදී අවම වශයෙන් මළ සිරුරු දිනක්වත් අතුරුදහන්ව තිබුනත් මෙම කාන්තාවගේ සිරුර පැය දෙකක් ඇතුළත සොයා ගැනීමට හැකිවූ පළමු වතාව මෙය බවයි පොලීසිය පැවසුවේ.

ඝාතකයන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටින බව අප වාර්තාකරු අජිත් ශාන්ත උදය ප්‍රකාශ කළේය.