ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අරමුණ ඇමතිවරුන්ටත් වඩා සේවාවක් කරන්න - හර්ෂණ

හර්ෂණ රාජකරුණා බස්නාහිර පළාත් සභාව කිහිපවරක්ම නියෝජනය කර ඇති ජනප්‍රිය පළාත් සභා මන්ත්‍රීවරයෙක්.

හර්ෂණ රාජකරුණා තම ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණ සටනෙන්ම පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදාකර ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 122.455ක් ලබාගනිමින්.

එසේම එක්සත් ජාතික පක්ෂයේ 4 වැනියා වෙමින්.

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වුණු නවක මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම මනාප ලබා තේරීපත්වුණු මන්ත්‍රීවරයාද වන්නේ හර්ෂණ රාජකරුණායි.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති ධුරය දරන්නේද ඔහුයි.

1977 සිට 2010 දක්වා තම පියාවන සරත්චන්ද්‍ර රාජකරුණා නියෝජනය කළ දොම්පේ ආසනයම හර්ෂණ රජකරුනත් නියෝජනය කරයි.

වසර 33ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරකු ලෙස තම පියා ජනතාවට කළ දැවැන්ත සේවය තම ජයග්‍රහණයට දැවැන්ත ශක්තියක් වූ බවයි හර්ෂණ රාජකරුණා බිබිසියට පැවසුවේ.

"හර්ෂණ රාජකරුණා කියන නම කියන කොට සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතා විම දැවැන්ත ශක්තියක්, ඒ අඩිතාලම තුලින් මගේ ගමන ඉදිරියට මම හදාගන්නයි දැන් තියෙන්නේ, මම දැන් එය කරනවා,"ඔහු පවසන්නේය.

(බීබීසී සංදේශය ඉදිරිපත් කරන 'නව පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ' විශේෂාංයේ හතරවැනි අංකයයි මේ)