ජනක බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවේ

Image copyright Janaka Bandara Tannakoon

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

1999 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් තම පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි මන්ත්‍රීවරයාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් බීබීසීයට කියා සිටියේ.

‘මේක අවුරුදු 16කට ඉහත සිදු වුනු දෙයක්. මේ නඩුව පහල උසාවියේ අහල ඉහල උසාවියටත් දාල තියෙන්නේ. ඉහල උසාවියෙත් අවුරුදූ දෙකක් විතර නඩුව යද්දී තමයි ජනක බණ්ඩාර තෙන්නකෝන්ව හදිස්සියේ මතක් වෙලා තියෙන්නේ.’ අත්අඩංගුවට පත් වූ හිටපු ඇමතිවරයාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා අමාත්‍යධුර කිහිපයක් දැරූ කෙනෙකි.