ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"සොල්දාදුවන් නීතියට ඉහළින් නෑ"

සොල්දාදුවන් හෝ පොලිස් නිලධාරීන් හෝ බලවතුන් රටේ නීතියට ඉහළින් සිටින කොටසක් නොවන බව මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

එසේ නමුත් ශ්‍රී ලංකා ජන සමාජයේ සමහර කොටස් අතර ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත යුතු නැතැයි යන මතයක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

“ඔවුන්ට ඕන අපරාධයක් කරන්න පුළුවන්. ඉඩ දෙන්න ඕන කියල සමාජයේ මතයක් හැදිලා තියෙනවා. ඒක හුඟක් භයානකයි,”ඔහු පැවසුවේය.

විශේෂයෙන්ම යුද හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම පිළිබඳව බොහෝවිට දකුණේ සමාජයෙන් පල වන්නේ දැඩි කෝපයක්.

රණ විරුවන්ට දඬුවම් කරනවා නම් ත්‍රස්තවාදීන්ට එරෙහිව දඬුවම් නොකරන්නේ ඇයි දැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න නැගෙන බව පෙන්වා දුන් විට ඔහු කියා සිටියේ දඬුවම් ලබා දී ඇත්තේ “රණවිරුවන්ට නොවෙයි. මේ අය රණ අපරාධකරුවන්” යනුවෙන්.

යුද්ධ කිරීම යනු රජයකට ඇති නීතිමය අයිතියක් නමුත් යුද්ධ කිරීම පිළිබඳව පිළිගත් ක්‍රමවේදයක් ඇති බවයි ඔහු පැවසුවේ.

සොල්දාදුවන්ට හෝ පොලිස් නිලධාරීන්ට හෝ බලවතුන්ට හෝ විරුද්ධව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයක් දකින්නට ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්වයට නඩු කල් දැමීම, නීති පති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන්, විනිශ්චයකාරවරුන් නිවාඩු යෑම ඇතුළු විවිධ හේතු බලපාන බවයි ඔහු පැවසුවේ.