ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රටේ පොලී වැඩි කළ යුතුයි - ආර්ථික විශ්ලේෂකයෝ

ශ්‍රී ලංකා රජය ටොයොටා ඇතුළු ජපන් මෝටර් රථ සඳහා අය කරන රේගු බදු වටිනාකම ඉහල දැමීමට ගත් තීරණය මගින් රජය බලාපොරොත්තු වන්නේ වාහන ආනයන සීමා කිරීම නමුත් එම ක්‍රියා මාර්ග ආර්ථික ගැටළු වලට විසඳුමක් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

රටේ ආර්ථික ගැටළු පැන නගින විට මීට කලින් පැවති රජයන්ද මේ ක්‍රියා මාර්ගයට පෙළඹුන අතර නව රජයත් එම ක්‍රියා මාර්ගයම අනුගමනය කරන බවක් පෙනෙන්ට තිබේ.

මීට අමතරව ආනයන ණයවර ලිපි සඳහා සියයට සියයක තැන්පතුවක් කරන ලෙසටද, වාහන සඳහා ණය දීම සියයට සියකින් අඩු කරන ලෙසටද ෆිනෑන්ස් සමාගම් සහ බැංකු වලට උපදෙස් දී ඇති බව ‘Eonomy Next’ වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න ප්‍රකාශ කළේය.

මුදල් අච්චු ගැසීම

මෙවැනි පියවර ‘බොලඳ ක්‍රියා මාර්ග’ ලෙස හඳුන්වන ඔහු ප්‍රකාශ කරන්නේ රජයට එසේ කිරීමට සිදුව ඇත්තේ රජයේ වියදම් සඳහා මුදල් අච්චු ගැසීම හේතුවෙන් බවයි.

එසේම භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම මගින්ද මුදල් මවන බවත් එසේ කරන්නේ රටේ පොලී අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම සඳහා බවත් ඔහු සඳහන් කරන්නේය.

රටේ විදේශ සංචිත අඩු වෙමින් තිබෙන බව පවසන ‘Eonomy Next’ වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න, ඉකුත් ජුනි මාසයේ සිට මේ දක්වා රුපියල් මිලියන 200 ක මුදලක් අච්චු ගසා ඇති බව පැවසුවේය.

මුදල් අච්චු ගැසීම් නවත්වා පොලී වැඩි කළ යුතු බවට අදහස් දක්වන පවසන ඔහු කියා සිටින්නේ රජය දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි.