ගුවන් අනතුර - බ්‍රිතාන්‍ය මතය බැහැර කෙරේ

Image copyright EPA

බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් රුසියානු ගුවන් යානය කඩා වැටී ඇති බවට බ්‍රිතාන්‍ය ඉදිරිපත් කරන මතය සනාථ කිරීමට සාක්ෂි නැතැයි රුසියාව සහ ඊජිප්තුව ප්‍රකාශ කරයි.

රුසියානු ගුවන් යානය ඉකුත් සෙනසුරාදා සිනායි අර්ධද්වීපයේ දී කඩා වැටුනු අතර එහි සිටි 224 දෙනාම මේ අනතුරෙන් මිය ගියහ.

බ්‍රිතාන්‍යයේ සිට ඊජිප්තුවේ ෂාම් එල් ෂේක්(Sharm el-Sheik) නිවාඩු නිකේතනය බලා යන ගුවන් ගමන් අවලංගු කර ඇති අතර බ්‍රිතාන්‍ය කියා සිටියේ යානය බෝම්බ ප්‍රහාරයකින් බිම දමා ඇති බවට ඉඟි කෙරෙන බුද්ධි අංශ තොරතුරු අනුව එම තීරණය ගත් බවයි.

Image copyright AFP

අනතුරට පත් රුසියානු ගුවන් යානය ගමන ඇරඹුවේ ඊජිප්තුවේ ෂාම් එල් ෂේක්(Sharm el-Sheik) සිටයි.

බ්‍රිතාන්‍ය ගත් තීරණය තමන්ට කල් ඇතිව දැනුම් නොදුන් බවට ඊජිප්තුව ප්‍රකාශ කළ අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල්-සිසි සමඟ අද, බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවැත්වෙන සාකච්ඡාවලදී මේ ප්‍රශ්නය ප්‍රමුඛත්වයක් ගනු ඇතැයි විශ්වාස කෙරේ.