දෙමළ රැඳවියන් යළි උපවාසයක

වැලිකඩ බන්ධනාගාරය ඇතුලුව බන්ධනාගාර කීපයක නිරාහාරව උපවාසයක යෙදී සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස තම නිරාහාර උපවාසය අත්හැරීමට සූදානම් නොමැති බව නැවත පදිංචි කරවීමේ කටයුතු භාර ස්වාමිනාදන් අමාත්‍යවරයාට ප්‍රකාශ කොට තිබේ.

මේ අතර නියමිත පරිදි රජය දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීමට විරෝධය පල කරමින් 10 වෙනිදා දහවල් මන්නාරම දිසාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් දියත් කොට තිබුණි.

නොවැම්බර් 8

මෙම උද්ඝෝෂණයට දැනට බන්ධනාගාර වල සිටින සිරකරුවන්ගේ ඥාතීහු ද සහභාගි වූහ.

උද්ඝෝෂණයේ නිරත පිරිස් රජයටත්, දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ටත් චෝදනා කරමින් කියා සිටියේ නොවැම්බර් 8 වෙනිදා වන විට මේ සිරකරුවන් පිරිසට නිදහස ලබා දෙන බවට පොරොන්දු වුවත් එම පොරොන්දුව ඉටු නොවීම නිසා තම පවුල් වල පිරිස් මෙවර දීපාවලි දිනයේද දැඩි වේදනාවකින් යුතුව කල් ගෙවූ බවයි.