මාරපනගේ ඇමති ධුර සාගලට සහ ස්වාමිනාදන්ට

Image copyright Sagala Rathnayaka
Image caption නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යටතට

හිටපු අමාත්‍ය තිලක් මාරපන යටතේ පැවති අමාත්‍යංශ සාගල රත්නායක සහ ඩීඑම් ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් යටතට පත් කරති.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සාගල රත්නායකද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ඩීඑම් ස්වාමිනාදන් ද ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක වාතාවරණය හමු වේ පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු අමාත්‍ය තිලක් මාරපන තමා දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවයි කියා සිටියේ.