ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කරාපිටිය හද සැත්කම් ඒකකයේ 'එච්අයිවී ආසාදිතයෙක්'

එච්අයිවී ආසාදිතයෙක් සහ ක්ෂය රෝගයෙන් පෙලෙන බවට සැක කෙරෙන පුද්ගලයකු කරාපිටියේ හද සැත්කම් එකකයට ඇතුලත් කිරීමත් සමඟ තමන් දැඩි කම්පනයකට පත් වූ බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ පවසයි.

හෘද රෝග ඒකකය උරස් සැත්කම් වෙනුවෙන්ද භාවිත කිරීමට විරෝධය පළකරමින් හදවත් සැත්කම්වලින් ඉවත් වූ බව බීබීසී සංදේශයට කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා මේ තත්වය හේතුවෙන් රෝගීන් වෙනුවෙන් සිය දිවිය කැප කළ තමන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවත් සඳහන් කළේය.

විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට යළි සිය රට පැමිණ සේවය කරන මෙන් ඉල්ලා සිටින වත්මන් ආණ්ඩුව තමන් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගෙන් නිසි සේවය ලබාගැනීමට උත්සාහ නොකිරීම කනගාටුවට කරුණක් බවත් හදවත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරා දුන් වෛද්‍යවරයා පවසයි.

කිසියම් ලෙසකින් විදේශගත රෝහලක සේවය කරන මෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් විදේශගතවීමට තමන් දැන් සූදානම් බවත් විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ සඳහන් කළේ දැඩි කලකිරුණු ස්වරයකින්.