අයහපත් කාලගුණයෙන් චෙන්නායි ඇනහිටී

Image copyright AFP
Image caption චෙන්නායි නගර කලාපයේ පවතින අයහපත් කාලගුණයට හේතු වී ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු කලාපයේ හට ගත් කැලඹිලි ස්වභාවයකයි

ධාරානිපාත වර්ෂාව හමුවේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඇති වී තිබෙන ගංවතුර හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර දහස් ගණනක් පීඩාවට පත් වී සිටිති.

දින දෙකක් පුරා පැවති තද වැසි හේතුවෙන් හට ගත් ගංවතුරත් සමග හාරදහසකට ආසන්න පිරිසක් චෙන්නායි ගුවන් තොටුපල පර්යන්තයේ කොටු වී සිටිති.

අයහපත් කාලගුණය හේතුවෙන් නගරයේ ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම අඩාල වී තිබෙන අතර නගරයේ බොහෝ පෙදෙස් අඩි ගණනක් ජලයෙන් යට වී තිබේ.

Image copyright Sandeep Prabhakaran

දහස් ගණනක් විපතට පත් වූවන් බේරා ගැනීම සඳහා හමුදා යොදවා තිබෙන අතර පසුගිය මාසයේ පටන් තමිල්නාඩු ප්‍රාන්තයේ පවතින ගංවතුර තත්වය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව 188ක්.

චෙන්නායි නගර කලාපයේ පවතින අයහපත් කාලගුණයට හේතු වී ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු කලාපයේ හට ගත් කැලඹිලි ස්වභාවයකයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර