ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෞදි මරණ දඬුවමට එරෙහිව කොළඹ උද්ඝෝෂණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ගල් ගසා මරා දැමීමට සෞදි අරාබියේ අධිකරණයක් විසින් දී ඇති නඩු තීන්දුවට එරෙහිව අද කොළඹදී විරෝධතාවක් දියත් කෙරිණ.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවට සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාවී සිටියහ.

මේ අතර ඇතැම් මාධ්‍ය අද බ්‍රහස්පතින්දා වාර්තා කර තිබුණේ ඉහත කී කාන්තාවට පනවා තිබෙන මරණ දඬුවම හෙට සිකුරාදා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

නමුත් එය අසත්‍ය පුවතක් බවයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තක්සින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් තවමත් නීතිමය කටයුතු පෙරට යමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළදී එම කාන්තාව මුණ ගැසීම සඳහා තානාපති නිළධාරීන්ට අවස්ථාවක් ලබා දී ඇති බවත් තානාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.