ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ගුවන් මගින් කොළඹට

Image copyright BBC World Service

චෙන්නායි නගරය ජල ගැල්මට ගොදුරු වෙමින් තිබියදී ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් තුන්සීයක් පමණ මහාබෝධි මධ්‍යස්ථානයේ රැකවරණ ලබා ගත් බව එහි අධිපති කලවානේ මහානාම හිමියෝ පවසති.

ජල ගැල්මත් සමඟ විදුලි බලය පවා නැතිව ගිය අතර සියලු බාහිර සබඳතා ඇනහිටි බවයි මහානාම හිමියන් පවසන්නේ.

සිය ආයතනයේ රැඳී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් බස් රථ වලින් ට්‍රිචි නගරයට පිටත් කොට එහි සිට ගුවන් මගින් කොළඹ කර යැවීමට පියවර ගනිමින් පවතින බවයි මහාබෝධි මධ්‍යස්ථානාධිපති හිමියෝ බීබීසියට ප්‍රකාශ කළේ.

චෙන්නායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ නගරය වසා ගත් ජල පහර මේ වන විට බැස යමින් පවතින නමුත් ජන ජීවිතය ඉතාම දුෂ්කර තත්වයක පවතින බවයි.