15 වැනිදා වැඩවර්ජනය ස්ථීරයි - වෘත්තීය සමිති එකමුතුව

Image copyright bbc
Image caption ‘පැය තුනක් මුළුල්ලේ සාකච්ජා පැවැත්වුවත් සාධනීය ප්‍රතිචාරයක් නොදක්වූ නිසා වැඩවර්ජනයකට යෑම හැර වෙනත් විකල්පයක් නැහැ’

සෞඛ්‍ය , ප්‍රවාහන, අධ්‍යාපන , තැපල් ඇතුළු රාජ්‍ය සේවකයන් ලබන 15 වැනිදා ස්ථිර වශයෙන්ම වැඩවර්ජනයක නියැලීමට තීරණය කොට ඇති බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අග්‍රාමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක බවයි රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ.

ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ගත් තීරණය වෙනස් කිරීම සහ වැටුපට එක් කොට තිබෙන රු10,000 සේ දීමනාව මූලික වැටුපට එක් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු සඳහන් කළේය.

‘පැය තුනක් මුළුල්ලේ සාකච්ජා පැවැත්වුවත් සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා වැඩවර්ජනයකට යෑම හැර වෙනත් විකල්පයක් නැහැ’

පැහැදිලි තීන්දු ලබා දීම පසෙකලා යම් යමි කමිටු සහ අමාත්‍ය කමිටු පත් කරමින් කල් ගන්නා ස්වභාවයක් අගමැතිවරයා සහ අමාත්‍යවරුන් කීපදෙනකු සමග කළ සාකච්ඡාව පුරාම දැකිය හැකි වූ බවයි සමන් රත්නප්‍රිය කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර