ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අඹුඩයේ බලය කොළඹ වීදිවල

මෙවර අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට විරෝධය පල කිරීම සඳහා ගොවි නියෝජිතයෝ අද බ්‍රහස්පතින්දා කොළඹ දී විරෝධතාවකට එක වූහ.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය විසින් විරෝධතාව සංවිධාන කොට තිබිණ.

කලින් ලබා දුන් පොහොර සහනාධාරය යළි ලබා දෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.

කැති, උදලු, දෑකැති, ආදී ආම්පන්නද රැගත් ගොවි ජනතාව ලිප්ටන් වටරවුමේ සිට අරලියගහ මන්දිරය දක්වා පාගමනකින් ගමන් කරමින් තම විරෝධය පල කළහ.

වීවලට ලබා දී තිබූ සහතික මිල පහත දැමීම සහ ගොවි විශ්‍රාම වැටුපෙන් රුපියල් 50 ක් මාසිකව අය කර ගැනීමට එරෙහිව ද ඔවුහු විරෝධය පල කරති.