අයවැය සම්මතයි

Image copyright EPA

2016 වසර සඳහා වන අයවැය යෝජනා අද (19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 109කින් සම්මත විය.

අයවැය තුන්වැනි වර කියැවීම අවසානයේ පැවැත්වුන ඡන්ද විමසීමේ දී ඊට පක්‍ෂව ඡන්ද 160ක් ද , විපක්‍ෂව ඡන්ද 51ක්ද ලැබුණු අතර මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධවයි ඡන්දය දුන්නේ.

අයවැය සම්මත වූයේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගීතා කුමාරසිංහ සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සබා ගැබ තුළ නොවූහ.

මෙම තුන්වැනි වර කියවීම අවසානයේ පැවැත්වුන ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව දෙවන වර කියවීම අවසානයේ ලද ඡන්ද ප්‍රමාණයට වඩා එක් ඡන්දයක් වැඩි වීම තවත් විශේෂත්වයකි.

ඒ අනුව ගිය වර අයවැයට විරුද්ධව ප්‍රකාශ කෙරුණ ඡන්ද පනස් දෙක මෙවර පනස් එකක් බවට පත් විය.