ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනාමි: ජාතික සුරක්ෂිතා දිනයක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට සිට

අදින් වසර 11 කට පෙර එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වනදා සුනාමියට හසු ව මියගිය සහ අතුරුදහන් වූ පිරිස් අනුස්මරණය කොට හම්බන්තොට නගරයේදී ජාතික සුරක්ෂිත දින සැමරුම් උළෙල පැවැත්විණ.

පෙරවරු 9.22 ට හම්බන්තොට නගරවාසීහු තම මියගිය ඥාතීන් සිහි කොට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක නිරත වූහ.

හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළඳ ප්‍රජාව, පොලිසිය සහ නගර සභාව එක්ව අනුස්මරණ උත්සවය සංවිධානය කොට තිබුණේ නගරයේ බස් නැවතුම් පොල ඉදිරිපිටදීයි.

ප්‍රදේශයේ පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමත් අනුස්මරණ උත්සවයට සමගාමීව සිදු කෙරිණ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 4200 කට අධික පිරිසක් සුනාමියෙන් ජීවිත අහිමි වූවන්ගේ ලේඛනයට ඇතුළත් වෙති.

එම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ලේඛනයට ඇතුළත් පිරිස දහසකටඅධිකයි.

සුනාමිය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 1800 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය.

තවත් නිවාස 2100 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

විවිධ ව්‍යාපෘති හරහා නිවාස 3000 පමණ ඉදි කොට සුනාමියෙන් අවතැන් වූ පවුල් අතරේ බෙදා දී තිබේ.

ශ්‍රී ලංකාව පුරා සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 40,000කට ආසන්නයි.