සුනාමියෙන් ජීවිතක්ෂයට පත් පිරිස් සිහි කෙරෙයි

Image caption ජීවිතක්ෂයට පත් පිරිස් සිහි කොට ආගමික වතාවත් පැවැත්විණ

අදින් වසර 11 කට පෙර එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වනදා සුනාමියට හසු ව මියගිය සහ අතුරුදහන් වූ පිරිස් අනුස්මරණය කොට හම්බන්තොට නගරයේදී ජාතික සුරක්ෂිත දින සැමරුම් උළෙල පැවැත්විණ.

පෙරවරු 9.22 ට හම්බන්තොට නගරවාසීහු තම මියගිය ඥාතීන් සිහි කොට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක නිරත වූහ.

හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළඳ ප්‍රජාව, පොලිසිය සහ නගර සභාව එක්ව අනුස්මරණ උත්සවය සංවිධානය කොට තිබුණේ නගරයේ බස් නැවතුම් පොල ඉදිරිපිටදීයි.

ප්‍රදේශයේ පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමත් අනුස්මරණ උත්සවයට සමගාමීව සිදු කෙරිණ.

Image caption පෙරවරු 9.22 ට හම්බන්තොට නගරවාසීහු තම මියගිය ඥාතීන් සිහි කොට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක නිරත වූහ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 4200 කට අධික පිරිසක් සුනාමියෙන් ජීවිත අහිමි වූවන්ගේ ලේඛනයට ඇතුළත්.

එම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ලේඛනයට ඇතුළත් පිරිස 1000 කට අධිකයි.

සුනාමිය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 1800 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය.

Image caption හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළඳ ප්‍රජාව, පොලිසිය සහ නගර සභාව එක්ව අනුස්මරණ උත්සවය සංවිධානය කොට තිබුණේ නගරයේ බස් නැවතුම් පොල ඉදිරිපිටදීයි

තවත් නිවාස 2100 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

විවිධ ව්‍යාපෘති හරහා නිවාස 3000 පමණ ඉදි කොට සුනාමියෙන් අවතැන් වූ පවුල් අතරේ බෙදා දී තිබේ.

ශ්‍රී ලංකාව පුරා සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 40,000 ක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර