ජාතිවාදී හැසිරීමක්, නීතිය ක්‍රියාත්මක කරනවා -හර්ෂ

ජාතීන් අතර ගැටළුවක් ඇති කිරීම සඳහා ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ තම මැතිවරණ කොට්ඨාශයේ මුස්ලිම් නිවාස කිහිපයක ගේට්ටු හා තාප්පවල "සිංහ ලේ" යන පාඨය ලියා තිබීම පිළිබඳව අදහස් දක්වමින්.

මෙම ක්‍රියාවට සම්බන්ධ නාඳුනන පිරිස හඳුනා ගැනීම සඳහා මිරිහාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර තහවුරු කළ අතර ඊයේ (04) පොලිසිය එම නිවැසියන්ගෙන් හා ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

"ඔවුන්ට අවශ්‍ය නම් ඒවා ඔවුන්ට අයිති තැන්වල ලියා ගන්න පුළුවන්. අපි එයට විරුද්ධ නැහැ, නමුත් අනුන්ගේ ගෙවල්වල මේවා ලියන්න ඔවුන්ට අයිතියක් නැහැ. මුස්ලිම් නිවාස පමණක් ඉලක්ක කර ගනිමින් මෙය සිදු කිරීම අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කර ගැනීමට ගත් උත්සාහයක්" මෙම සිද්ධියට මුහුණ දුන් නිවැසියෙක් බිබිසියට පැවසුවේය.

Image copyright HARSHA DE SILVA

සියලු ජාතීන් සාමකාමීව ජීවත් වන තම ප්‍රදේශය තුළ මෙවැනි ‘ජාතිවාදී හැසිරීම්’ නොඉවසන බව සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කොට ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර