පකිස්තානු අගමැති ශ්‍රී ලංකාවේ

Image copyright AFP

පකිස්තානු අගමැති නවාස් ශරීෆ් මීට ස්වල්ප වෙලාවකට පෙර කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ගුවන්තොටුපලට ගොස් සිටියෝය.

පකිස්තානු අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ දින තුනක නිල සංචාරයක් සඳහායි.

ගිවිසුම් කිහිපයක්

මෙම සංචාරය සිදු කෙරෙන අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට නියමිතයි.

මීට අමතරව නවාස් ශරීෆ් අගමැතිවරයා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉහල පෙළේ ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී වන රැස්වීමක් ද ඇමතීමට නියමිතව තිබේ.