ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇඹිලිපිටිය පොලිස් ප්‍රහාරයට එරෙහිව මහජනයා වීදි බසිති

අජිත්ලාල් ශාන්තඋදය

බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු

ඇඹිලිපිටිය නව නගරය පාරේ නිවසක සහ තෙමහල් ගොඩනැගිල්ලක දේපල ආදියට හානි කරමින් එහි සිටි කාන්තාවන් සහ ළමයින් ද ඇතුළු කණ්ඩායමකට පහර දීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් විසි එක් දෙනකු පරීක්ෂණ අවසන් වනතුරු තාවකාලික පදනම මත ස්ථාන මාරු කර ඇති බව වාර්තා වෙයි.

අදාළ පරීක්ෂණ නිම වන තුරු ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා නිවාඩු යවා ඇති බවත් එම වාර්තා මගින් පැවසෙයි.

තුවාල කරුවෙක් මිය යාම

ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලැබීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඊට එරෙහිව ඇඹිලිපිටිය නගරයේ මහජන විරෝධතා ව්‍යාපාරයක් ද දියත් කෙරුණි.

සාදයකට කඩා වැදුනු ඇඹිලිපිටිය පොලිසිය පොලු වලින් පහරදී විසිනව හැවිරිදි එක් දරු පියෙක් ඉහළ මහලකින් බිමට තල්ලු කර මරා දැමු බව පවසමිනුයි විරෝධතා ව්‍යාපාරය දියත් වුණේ.

Image copyright b

ඇඹිලිපිටිය නගරයේ තැනින් තැන කලු කොඩි ඔසවා තිබුණ අතර කඩසාප්පු වසා දමා තිබුණි.

සාදයක දී මත්පැන් නොලැබීම නිසා අමනාප වූ පොලිස් නිලධාරීන්ගේ කීම අනුව ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සිවිල් ඇඳුමින් සැරසුණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇඹිලිපිටිය නව නගරය පාරේ නිවසක සහ තෙමහල් ගොඩනැගිල්ලක දේපළ වලට හානිකර එහි සිටි කාන්තාවන් ළමයින් ඇතුළු පිරිදී දී ඇතැයි නීතිඥ විජිත පුංචිහේවා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණි.

සිවිල් ඇඳුමින්

ජනවාරි හතර වෙනිදා මැදියම් රැයේ සිදු කර ඇති එම ප්‍රහාරය සඳහා ඇඹිලිපිටිය පොලිසියේ නිල ඇඳුමින් සිටි නිලධාරීන් කීප දෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් කීප දෙනෙක් පැමිණ ඇති බවයි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

Image copyright b
Image caption ප්‍රහාරයෙන් පසු පොලිස් සෝදිසි කිරීම්

ඇඹිලිපිටිය පොලිසිය පවසන්නේ සැකකරුවන් ද එක් වූ සාදය දී ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය අවස්ථාවේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනෙක් පහර කෑමකට ලක්ව තුවාල ලද බවයි.

පොලිසිය පහර දීමක් නොකළ අතර සාදය පැවති නිවසේ සිටි අය පොලිසියට පහර දුන් බව පැමිණිල්ල ඉදිරිපත් කළ සැරයන් එල්.ටී.ගමගේ කියා සිටියේය.

ප්‍රහාරය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙහි ඇති හඬ පටයට සවන් දෙන්න.