අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහේස්ත්‍රාත් හමුවට

Image copyright Yoshitha Rajapaksa

සීඑස්එන් නාලිකාව හා සම්බන්ධ පරීක්ෂණයක් සඳහා ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

යෝෂිත රාජපක්ෂ සමග ඉහත කී පරීක්ෂණය සම්බන්ධයෙන් සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානීන් වන නිශාන්ත රණතුංග,රොහාන් වැලිවිට සහ කවිශාන් දිසානායක ද අත්අඩංගුවට ගෙන තිබේ.

යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වන විට හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටිති.

සීඑස්එන් නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් යෝෂිත රාජපක්ෂගෙන් සෙනසුරාදා උදෑසන ප්‍රශ්න කරනු ලැබුවේ නාවික හමුදා මූලස්ථානයේදීයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර