ඉන්දු ශ්‍රී ලංකා සාකච්ඡා ආරම්භ වෙයි

Image copyright Reuters

දින දෙකක සිය නිල සංචාරයේ පළමු දිනයේ ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් ශ්‍රී ලංකාවත් සමඟ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කොට ඇත.

ඉන් එක් ගිවිසුමක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පාසල් විසි හතක් සංවර්ධනය කරනු ලැබීමට අදාළ වන අතර දෙවැනි ගිවිසුම මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහලක ශල්‍යාගාරයක් ඉදි කරනු ලැබීමට සහ ඊට අවශ්‍ය උපකරණ සැපයීමට අදාළ වූවකි.

අද (05) සිය සංචාරයේ පළමු දිනයේ ඉන්දීය විදේශ ඇමතිවරිය අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පවත්වා ඇත.

අද (05) සිය සංචාරයේ පළමු දිනයේ ඉන්දීය විදේශ ඇමතිවරිය අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

Image copyright EPA

විදේශ ඇමතිවරිය පවත්වන සාකච්ඡා වලට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බලය විමධ්‍යගත කරනු ලැබීම වැනි කරුණු ඇතුලත් විය හැකි බවයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

ඉන්දු – ලංකා ඒකාබද්ධ කොමිසමේ නව වන සැසිවාරයට ද ඉන්දීය විදේශ ඇමතිනි සුශ්මා ස්වරාජ් සහභාගී වන්නීය.

එහිදී දෙරට අතර පවතින ආර්ථික, වෙළෙඳ, බලශක්ති, අධ්‍යාපන, හා සෞඛ්‍ය සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ද නිල සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.