ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කල්පිටියේ ධීවර බෝට්ටු වලට ප්‍රහාරයක්

ප්‍රසාද් පූර්නිමාල් / බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු

කල්පිටිය බත්තලන් ගුණ්ඩුව දුපතේ ධීවරයන්ට අයත් යාත්‍රා එකොළහකට ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ධීවරයන් මීගමුවේ කතෝලික දේවස්ථානයක වාර්ෂික මංගල්‍යය සඳහා ගොස් සිටියදීයි රහාරය එල්ල කොට තිබෙන්නේ.

බත්තලන් ගුණ්ඩුව ධීවර සමිති ලේකම්වරයකු වන ඇන්ටනි ප්‍රනාන්දු පැවසුවේ නීති විරෝධී දැල් පන්න වලින් මසුන් මරන්නන් ප්‍රහාරය පිටුපස සිටින බවයි.

නීති විරෝධී දැල් පන්න වලට විරෝධය පල කරමින් පසුගියදා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ ධීවරයන්ගේ යාත්‍රා වලටයි ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ.

ප්‍රහාරය පිටුපස සිටින්නේ 'ලයිලා සහ සුරුක්කු දැල්' භාවිතා කරමින් අනවසර ධීවර කර්මාන්තයේ නිරතවන්නන් බව ධීවර නායකයෝ කියා සිටිති.

තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ඉල්ලා කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කළ බවයි ධීවර සමිති සභාපතිවරයකු වන ඩෙන්සිල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

ධීවරයන්ට එල්ල වූ ඉහත කී ප්‍රහාරය මහින්ද අමරවීර ධීවර අමාත්‍යවරයා විසින් ද හෙළා දකිනු ලැබුණි.