මහ කමිසුරු මහ නාහිමිවරුන් හමුවට

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශීය යාන්ත්‍රණයක් තුළින් රටේ ප්‍රශ්න විසඳා ගැනීමට ලාංකිකයන්ට හැකියාව තිබෙන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරුට පැවසූහ.

දේශීය යාන්ත්‍රණයක් තුළින් රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට දරන උත්සාහයට අනවශ්‍ය බලපෑම් නොකර සහයෝගය ලබා දෙන මෙන් උන්වහන්සේ දෙනම තවදුරටත් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියහ.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා අද (8) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

ඔහු මල්වතු අස්ගිරි මහ විහාරවලට ගොස් මහ නාහිමිවරු දෙනම හමු වූයේ ඉන් අනතුරුවයි.

අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික හිමිවරු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගෙන පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද කළහ.

මහනාහිමියන් සමඟ මහ කොමසාරිස්වරයා කළ සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවීය.