වැලන්ටයින්: කාන්තා සිය දිවි නසා ගැනීම් 'තුන් ගුණයකින් ඉහළට'

Image copyright Getty
Image caption 'ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා සිත රිදවීම, බලාපොරොත්තු සුන් වීම වැනි කරනා ගලපා ගත් කළ සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. අවාසනාවකට ඒක අවුරුදු විසිපහට අඩු තරුණියන්ටත් වෙලා තිබෙනව'

වැලන්ටයින් දිනයෙන් පසු වාර්තා වන කාන්තා සිය දිවි නසා ගැනීම්වල වර්ධනයක් දක්නට ඇති බව විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න පවසයි.

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් වාර්තා වන කාන්තා සිය දිවි නසා ගැනීම්වලට වඩා වැලන්ටයින් දිනයෙන් පසු වාර්තා වන කාන්තා සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින්.

'ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා සිත රිදවීම, බලාපොරොත්තු සුන් වීම වැනි කරනා ගලපා ගත් කළ සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. අවාසනාවකට ඒක අවුරුදු විසිපහට අඩු තරුණියන්ටත් වෙලා තිබෙනව'ඔහු පැවසීය.

සංඛ්‍යා ලේඛනවලට අනුව සාමාන්‍යයෙන් දිනකට කාන්තාවන් හතරත් පහත් අතර සංඛ්‍යාවක් සිය දිවි නසා ගන්නා බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

කන්‍යාභාවය

කාන්තාවන් වැඩි වශයෙන් සිය දිවි නසා ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ සිටින බවත් ඔහු පැවසීය.

මේ අතර වැලන්ටයින් දිනයේදී පමණක් තරුණියන් 8400 ත් 9000 ත් අතර සංඛ්‍යාවකගේ කන්‍යාභාවය අහිමි වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

කන්‍යාභාවය අහිමි වීම ඉහත කී සිය දිවි නසා ගැනීම්වලට බොහෝ සෙයින් බලපා ඇති බවත් ඔහු පැවසීය.

වැලන්ටයින් දිනයේදී හෝටල් කාමර 4000 කට වඩා වෙන් වන බවත් එම හෝටල් කාමර වෙත පාසල් ශිෂ්‍යාවන් පවා යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

යුද්ධය අවසන් වීමෙන් පසු පවතින සාපේක්ෂ නිදහස් වාතාවරණය යටතේ උතුරේ කාන්තාවන්ද මෙම තත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර